තමා නැවතත් දේශපාලනයට එන බව මෛත්‍රීපාල සිරිසේන කියයි

by Staff writer 30-11-2019 | 3:29 PM

COLOMBO (News 1st) - තමා නැවතත් දේශපාලන කරලියට පිවිසෙන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසූවේ, පොළොන්නරුවේ පැවැති උපහාර පිදීමේ උළෙලකට එක් වෙමිනි. උත්සවය පැවැත්වුණේ, පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩප ශ්‍රවණාගාරයේදීයි.