නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම පුළුල් කෙරේ

නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැටලීම් පුළුල් කිරීමට පියවර - සුරාබදු දෙපාර්තමේන්තුව

by Staff writer 27-11-2019 | 7:36 AM

COLOMBO ( News 1st ) - නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැටලීම් පුළුල් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ, මුදල් අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මතයි. මෙම වැටලීම් සඳහා නිලධාරින් 1000 කගෙන් සැඳුම්ලත් කණ්ඩායමක් යොදවා ඇති බව සුරාබදු දෙපාර්මේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.