වැඩිම වායු දූෂණයට ලක්වූ නගර දහයම ආසියාවේ

වැඩිම වායු දූෂණයට ලක්වූ නගර දහයම ආසියාවේ

by Staff writer 16-11-2019 | 10:27 AM

COLOMBO ( News 1st ) - ලොව වැඩිම වායු දූෂණයට ලක්වූ නගර දහයම ආසියාවේ පිහිටා ඇතැයි නවතම වාර්තාවක් හෙළි කරයි.

එම වාර්තාවට අනුව ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ලොව වැඩිම වායු දූෂණයට ලක්වූ නගරය වන අතර එහි 5වන සහ 9වන ස්ථාන හිමිවන්නේ ද ඉන්දියාවේ කොල්කටා සහ මුම්බායි නගර වලට ය. පෞද්ගලික කාලගුණ විද්‍යා ආයතනයක් වන ස්කයිමෙට් නිකුත් කළ මෙම වාර්තාවට අනුව නවදිල්ලි අගනුවර වායු ගුණාත්මක භාවය වායු ගුණාත්මක දර්ශකයේ සටහන් වන්නේ 527 ක් ලෙසට ය. එය ඉතා අනතුරුදායක තත්ත්වයක් ලෙස සටහන් වේ. මෙම තත්ත්වයේ බරපතලභාවය තවදුරටත් තහවුරු කෙරුණේ ඉකුත් බ්‍රහස්පතින්දා නවදිල්ලියේ පාසල් මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ගල්අඟුරු භාවිත කරන ආයතන දින 2කට වසා තැබීමට දිල්ලි බලධාරීන් පියවර ගැනීමෙන් පසුවයි . මෙම වාර්තාවට අනුව ලොව වැඩිම වායු දූෂණයට ලක්වූ නගර අතර දෙවන සහ හතරවන ස්ථානවල පසුවන්නේ පකිස්ථානයේ ලාහෝර් නුවර සහ කරච්චි නුවරයි. උස්බෙකිස්ථානයේ තෂ්කෙන්ටි නුවර එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ ද චීනයේ චෙන්ග්ඩූ සහ ගුවාන්ෂවු ඒහි හයවන සහ අටවන ස්ථානයේ ද, වියට්නාමයේ හැනෝයි අගනුවර එහි හත්වන ස්ථානයේ ද, නේපාලයේ කත්මණ්ඩු නුවර ඒහි 10 වන ස්ථානයේ ද පසුවේ.