ඡන්ද රාජකාරියට ගිය 51ක් ආහාර විෂ වී රෝහලේ

ඡන්ද රාජකාරියට ගිය නිලධාරීන් 51ක් ආහාර විෂ වී රෝහලේ

by Staff writer 15-11-2019 | 5:18 PM
COLOMBO (News 1st) : ආහාර විෂ වීමක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කෙරුණු, කොළඹ රාජකීය විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ රාජ්‍ය නිලධාරීන්ට හෙට දිනයේ සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ජාතික රෝහල පැවසුවේ, මැතිවරණ නිලධාරීන් 51 දෙනෙකු මේවන විට රෝහල්ගත කර සිටින බවයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතතා සහ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා රෝහල්ගත කර සිටින නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය අද පස්වරුවේ සොයා බැලූහ. ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඇති බවත්, එම නිලධාරීන්ට හෙට දිනයේ සුපුරුදු පරිදි රාජකාරිවල නිරතවීමට හැකි වාතාවරණයක් පවතින බවත් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ය.