by Staff writer 15-11-2019 | 8:36 PM
COLOMBO (News 1st) : අපහාසාත්මක පෝස්ටර් ළඟ තබා ගත් පුද්ගලයෙකු මාදම්පේ ප්‍රදේශයේදී පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් අගතියට පත් වන අයුරින් ප්‍රකාශ ඇතුළත් පෝසටර් සහ අත්පත්‍රිකා තොගයක් සිය භාරයට ගත් බවයි.
පොලීසිය පැවසුවේ, ලද පැමිණිල්ලකට අනුව අද උදෑසන හලාවත මාදම්පේ ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා ඇති අතර එහි තිබී අත්පත්‍රිකා සහ පෝස්ටර් 3850 ක් පමණ සොයාගත් බවයි.
මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට පැමිණි වෑන් රථයක තිබී ව්‍යාජ්‍ය ඡන්ද පත්‍රිකා 58 ක් හමුවී තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් එම වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.
මෙම වෑන් රථය හම්බන්තොට සුචී ජාතික පාසලට පැමිණ ඇති අතර එමගින් මුල්කිරිගල ආසනයේ ඉත්තදෙමළිය ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට නියමිතව තිබිණ.
අප වාර්තාකරු ප්‍රකාශ කළේ, අදාළ ඡන්ද පෙට්ටිය රැගෙන නිලධාරීන් වෑන් රථයට අතුළු වූ අවස්ථාවේ එහි රියැදුරු අසුන අසල තිබී මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගය හමුවී ඇති බවයි.
අදාළ ව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ කිසිවක් සලකුණු කර නොමැති අතර පත්‍රිකාවට යටින් ඡන්ද දායකයින් දැනුවත් කිරීම සඳහා පමණක් යනුවෙන් සඳහන් කර තිබේ.