නීතිවිරෝධී ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

බලංගොඩදී නීතිවිරෝධී ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 13-11-2019 | 4:07 PM

COLOMBO ( News 1st ) - බලංගොඩ විකිලිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පස්වරුවේ විකිලිය ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී මත්පැන් අලෙවිකරන බවට ලැබුණු තොරතුරක් මත බලං‍ගොඩ පොලීසිය විසින් අදාල නිවස වටලා ති‍බේ. එහි තිබී නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 8000ක්, මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණි. සැකකරු අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත ය.