by Staff writer 10-11-2019 | 6:28 PM
COLOMBO ( News 1st ) - පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව අද යළිත් සංවාදාත්මක තත්ත්වයක් ඇතිවිය.
ඊයේ රාත්‍රී හරීන් ප්‍රනාන්ද අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයකින් ඇතිවූ මේ සංවාදයට අද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරු මාධ්‍ය හමුවක් කැඳවා පිළිතුරු දුන්හ.
ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ, 2003 වසරේ ජනවාරි 31 වනදායි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවය පවසන්නේ, ඔහු 2005 වසරේ ජනාධිපතිවරණයෙන් පසුව ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති අතර මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අමරිකානු පුරවැසිභාවය සම්පූර්ණයෙන් අත්හැර ඇති බව ය.
පුරවැසිභාවය අත්හරින ලද පුද්ගලයින්ගේ නිල නාමාවලිය අමරිකාව විසින් කාර්තුවකට වරක් ප්‍රසිද්ධ කරනු ලබයි.
නමුත් ඊයේ රාත්‍රියේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අනාවරණ කළේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඉල්ලා අස්කරගත් අයගේ 2019 තුන්වැනි කාර්තුවේ ලේඛනයෙහි සඳහන් නොවන බවයි.
මෙම ට්විටර් පණිවිඩයත් සමග නැවතත් රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ගැන සංවාදයක් නිර්මාණය වී තිබේ.