පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් උපවාසයක

ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම තහවුරු කරන ලෙස ඉල්ලා හිමි නමක් උපවාසයක

by Staff writer 10-11-2019 | 10:14 AM

COLOMBO (News 1st) - ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක් ආරම්භ කර තිබේ.

ඒ, ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට දින 3 ක් තුළ තහවුරු කළ යුතු බව පවසමිනි. පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් පැවූවේ, ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තමාගේ කිසිදු පෞද්ගලික අමනාපයක් නොමැති බවත් මෙය සම්පූර්ණ නීති විරෝධි ක්‍රියාවක් බවයි. තව ද සියලු ජනතාවගේ අයිතිය සුරැකීමට සියලු දෙනාම තමා සමග එකතුවෙන්නැයි කියා ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටි.