by Staff writer 10-11-2019 | 3:28 PM
COLOMBO ( News 1st ) - උඩවලව ජලාශයේ වාං දොරටුවක් විවෘත කර තිබේ.
උඩවලව ජලාශය භාර ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පැවසුවේ පවතින වර්ෂාවත් සමග අද පස්වරු එකට ජලාශයේ එක් වාං දොරටුවක් විවෘත කළ බව ය.
වාං දොරටුවක් විවෘත කිරීමත් සමගම ජලාශයේ පහළ ප්‍රදේශයේ ජනතාව විමිසිලිමත් වන ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද පළාත්වලට සහ කුරුණෑගල, වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50 ත් 75 ත් අතර තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.
කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.