by Staff writer 08-11-2019 | 9:59 AM
COLOMBO ( News 1st ) - අක්කරේපත්තුව, අඩ්ඩාලච්චේනේ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවති දේශපාලන රැස්වීමකට කිසියම් කණ්ඩායමක් ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇතැයි පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, එහිදී තුවාල ලැබූ පුද්ගලයින් 3දෙනෙකු ප්‍රතිකාර සඳහා අක්කරේපත්තුව රෝහලට ඇතුළත් කළ බව ය.
නාඳුනන කණ්ඩාමක් විසින් ඊයේ රාත්රියේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
මේ අතර ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 55 ක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, මැතිවරණ නීති උල්ලංඝණය කිරිමේ සිද්ධීන් 84 ක් සම්බන්ධයෙන් ද වාර්තා වී ඇති බව ය.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 55 කි.