by Staff writer 05-11-2019 | 10:43 AM
COLOMBO (News 1st) : කුදිරමලෙයි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධව ධීවර කටයුතුවල පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ, ඔවුන් සමග ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, නීතිවිරෝධී ලෙස ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1000 ක්, තහනම් දැලක් සහ ධීවර ආම්පන්න තොගයක් ද සිය භාරයට ගත් බවයි.
එලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ. අවුරුදු 26 ත් 37 ත් අතර වයසේ පසුවන අරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල, අනෙකුත් ධීවර ආම්පන්න සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේ ය.