by Staff writer 31-10-2019 | 3:06 PM
COLOMBO (News 1st): ඉදිරි දිනවල පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැසි සමඟ තද සුළං සහ ප්‍රබල අකුණු ඇති විය හැකියි.
මුහුදේ සුළං වේගය ද පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර දිවයිනේ ජලාශ 16 ක් තවදුරටත් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ නිල්වලා, කළු, කැලණි, ගිං ගංඟා මෙන් ම අත්තනගලු ඔයේ ජල මට්ටම පහළ යමින් ඇති බවයි.
මහ වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 17 000 කට ආසන්නයි.
ඊට අමතරව පුද්ගලයින් 700 දෙනෙකු අවතැන් කඳවුරු වල රදවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මූලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අදත් වසා තැබෙයි.
ඒ, අධික වර්ෂාවත් සමග මතුවී ඇති ගංවතුර සහ නායයාම් අවදානම හේතුවෙනි.