එක් දරු මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ජාවාරමේ නිරත වූ එක් දරු මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

by Staff writer 29-10-2019 | 4:31 PM

COLOMBO ( News 1st ) - හෙරොයින් ග්‍රැම් 6.33ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධි චෝදනා 2කට වරදකාරිය කරනු ලැබූ 35 හැවිරිදි එක් දරු මවකට කොළඹ මහාධිකරණය අද වෙන් වෙන්ව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය.     

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදී 2012 වසරේදී එම විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයයි. ඒ, සඳහා ඇයට උපරිම දඬුවම් දෙන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ තුෂාරි දයාරත්න මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. විත්තිකාරිය ඇප ලබා ගැනීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් පුරා අධිකරණය මග හරිමින් සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු විභාගය අවසන් වනතෙක්ම ඇය රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට සිදු වූ බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේ ය.