පැය 24ක් තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 69 ක්

පැය 24ක් තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 69 ක්

by Staff writer 27-10-2019 | 5:19 PM
COLOMBO (News 1st) : පැය 24 ක කාලයක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 69 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඊයේ පස්වරු 4.30 න් අවසන්වූ පැය 24 ක කාලය තුළ එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක්, නීති උල්ළංඝණය කිරීම් සම්බන්ධව 66 ක් සහ වෙනත් පැමිණිලි 02 ක් ලැබී ඇති බවයි. පසුගිය 8 වන දා සිට ඊයේ දිනය දක්වා ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1835 ක් ලැබී තිබේ.