ස්වර්ණාභරණ තොගයක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

රු. මිලියන 39කට අධික ස්වර්ණාභරණ තොගයක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 22-10-2019 | 5:41 PM
COLOMBO (News 1st) - රුපියල් මිලියන 39කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක සේවකයෙකු එලෙස අත්අඩංගුවට ගත් බව ය. ඔහු සන්තකයේ තිබී රන් බිස්කට් 40 ක් හා කිලෝග්‍රෑමයකට අධික බරකින් යුත් ස්වර්ණාභරණ තොගයක් රේගුව භාරයට ගෙන තිබේ.