නිශ්ශංක අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නියෝග

නිශ්ශංක සේනාධිපති අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නියෝග

by Staff writer 22-10-2019 | 11:16 AM
COLOMBO (News 1st) : ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ලබන 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා බන්ධනාගාර අධිකාරීවරයාට අද නියෝග කළේ ය. ඒ , ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවසර දීමට එම සමාගමෙන් රුපියල් ලක්ෂ 355 ක් අල්ලසක් ලබාගැනීම සහ ලබාදීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවට අදාළවයි. නඩුව අද කැඳවූ අවස්ථාවේ පළමු විත්තිකරු මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී සිටියේ ය. දෙවන විත්තිකරු වන නිශ්ශංක සේනාධිපති මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබන 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා කළ කරුණු දැක්වීම සලකා බලා අධිකරණය අදාළ නියෝගය කළේ ය.