පොලීසියෙන් යළි ජනතාවට සිහි කැඳවීමක්...

මාර්ගවල නවතා යන සැකකටයුතු වාහන සම්බන්ධයෙන් පොලීසිය දැඩි විමසිල්ලෙන්...

by Staff writer 17-10-2019 | 7:24 AM

COLOMBO (News 1st) - අනන්‍යතාවය තහවුරු නොවන ආකාරයෙන් සැකකටයුතු ලෙස මාර්ගවල නවතා යන වාහන සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, එවැනි වාහනයක් හමුවුවහොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව පූර්ණ පරීක්ෂා කිරීමක් සිදු කරන බවයි. එවැනි අපහසුතා වළක්වා ගැනීමට වාහනය නවතා තැබීමේදී පිටතට පෙනෙන අයුරින් දුරකතන අංකය සහ නම සටහන් කර තබන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා යළි සිහිපත් කළේ ය.