මොහොමඩ් ගඩාෆිට මරණ දඬුවම

මොහොමඩ් ගඩාෆි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට මරණ දඬුවම

by Staff writer 11-10-2019 | 1:59 PM
COLOMBO (News 1st) - මොහොමඩ් ගඩාෆි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. ඒ, හෙරොයින් ග්‍රෑම් 43යි මිලිග්‍රෑම් 440ක් ජාවාරම් කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙනි.