ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අවසන්

by Staff writer 11-10-2019 | 4:06 PM

COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම අවසන් විය.

ගාල්ල තේරීම්භාර නිලධාරී සෝමරත්න විදාන පතිරණ මහතා සඳහන් කළේ, 70% කට අධික පිරිසක් ඡන්දය භාවිතා කර ඇති බවයි. ඡන්ද විමසීම මධ්‍යස්ථාන 47 කදී අද ආරම්භ වුණේ පෙරවරු 7.00 ටය. ඒ සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව 53,384 කි. අප වාර්තාකරුවන් පැවසුවේ, අද පෙරවරුවේ සිට ජනතාව වැඩි උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණි බවයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අද රාත්‍රී 10.00 පමණ වන විට ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.