වනරාජා වත්තේදී පාසල් බසයක් ප්‍රපාතයකට පෙරළෙයි

හැටන්, වනරාජා වත්තේදී පාසල් බසයක් ප්‍රපාතයකට පෙරළෙයි

by Staff writer 08-10-2019 | 5:16 PM
COLOMBO (News 1st) - හැටන් - දික්ඔය මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයේදී පාසල් බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ. පොලීසිය සඳහන් කළේ, අනතුරෙන් පාසල් සිසුන් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව ය. අනතුරින් වැඩිහිටියන් 3 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද පොලීසිය ප්‍රකාශ ක‍ළේ ය. අනතුරට ලක්ව ඇත්තේ, හැටන් සිට දික්ඔය දක්වා ගමන් ගත් පාසල් බස් රථයකි. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.