විදේශ කටයුතු අමාත්‍යංශයේ කටයුතුවලට බාධා

පරිගණක පද්ධතියේ දෝෂයක් නිසා විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ කටයුතුවලට බාධා

by Staff writer 08-10-2019 | 5:02 PM
COLOMBO (News 1st) - විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ කටයුතුවලට බාධා මතුව තිබේ. ඒ, පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙනි. පද්ධතිය යථා තත්ත්වයට පත් වන තෙක් සඳුදා සිට සිකුරාදා තෙක් උදෑසන 7.00 සිට පස්වරු 1.30 දක්වා දෛනිකව 500 දෙනෙකු වෙනුවෙන් සේවය සැපයීමට පියවර ගන්නා බව ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.