by Staff writer 08-10-2019 | 11:50 AM
COLOMBO (News 1st) : ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදාරණපතිරණ මහතා සඳහන් කළේ, ලබන 11 වන දා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියලුම කටයුතු මේ වන විට සුදානම් බවයි.
ඇල්පිටිය සහ පිටිගල පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම මධ්‍යස්ථාන 47 කදී පැවැත්වේ.
ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාරනපතිරණ මහතා පැවසී ය.
ලබන 11 වන දා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිම පසුගිය 27 වැනිදා සහ 04 වැනිදා පැවැත්විණ.
ඒ සඳහා සුදුසුකම් ලබා සිටි සංඛ්‍යාව 1192 කි.