ආනමඩුවේ දෙපිරිසක් අතර ගැටුමකින් පුද්ගලයෙකු මරුට

ආනමඩුවේ දෙපිරිසක් අතර ගැටුමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 08-10-2019 | 3:07 PM
COLOMBO (News 1st) - ආනමඩුව පල්ලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ය. දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 3 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, ඉන් බරපතළ තත්ත්වයේ සිටි අයෙකු කොළඹට මාරු කර යවා ඇති බව ය. එහිදී ඔහු මිය ගොස් තිබේ. මිය ගොස් ඇත්තේ, 35 හැවිරිදි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.