by Staff writer 07-10-2019 | 1:09 PM
COLOMBO (News 1st) : දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීමේ දෙරටුවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 50 ක් සමග සුඛෝපබෝගී ජීප් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් ජීප් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 500 කට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.