නීතිවිරෝධීව පොලිතීන් නිපදවූ හා අලෙවි කළ 400කට නඩු

නීතිවිරෝධීව පොලිතීන් නිපදවූ හා අලෙවි කළ 400කට නඩු

by Staff writer 02-10-2019 | 4:01 PM
COLOMBO (News 1st) : වසරේ ගත වූ මාස 6ක් තුළ නීතිවිරෝධී පොලිතීන් නිෂ්පාදනය කළ හා අලෙවි කළ පුද්ගලයින් 400 කට නඩු පැවරූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි විමර්ශන අංශයේ අධ්‍යක්ෂ එන්. එස්. ගමගේ මහතා සඳහන් කළේ, එම වැටලීම්වලදී නීතිවිරොධී පොලිතීන් ටොන් 23 ක් සොයාගත් බවයි. එම කාලය තුළ මධ්‍යම පරිසර අධිකාරිය මගින් සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 6000කි. එම පොලිතීන් තොග දොම්පේ කසල රඳවනයේදී විනාශ කළ බව ද ඔහු පැවසී ය.