විශ්වවිද්‍යාල සති අන්ත පාඨමාලා ඇණහිටී

වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල සති අන්ත පාඨමාලා අඩාල වෙයි

by Staff writer 21-09-2019 | 7:30 AM

COLOMBO (News 1st) - සිය වැඩ වර්ජනය හේතුවෙන් සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ බාහිර පාඨමාලා සියල්ල අඩාලවී ඇතැයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

එහි සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ, විසඳුම් නොලබා 13 වැනි දිනටත් අද වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.