21 ප්‍රහාරය: පවුල් 116 කට අද වන්දි

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 116 කට අද වන්දි

by Staff writer 14-09-2019 | 7:22 AM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් 116 කට අද දිනයේ වන්දි පිරිනැමීමට නියමිත වේ.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මිහිරි විපුලගුණ මහත්මිය පැවසුවේ, කොච්චිකඩේ දේවස්ථානයේදී බෝම්බ ප්‍රහාරයට ලක් ව ජීවිතය අහිමි වූ පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන්ට සහ තුවාල ලබා ආබාධිත වූ පුද්ගලයින් වෙනුවෙන් මෙම වන්දි ලබා දෙන බවයි. කටුවාපිටිය දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ පවුල් 116 ක් සඳහා මීට පෙර වන්දි ලබා දුන් බව ඇය සඳහන් කළා ය.