by Staff writer 04-09-2019 | 6:22 PM
COLOMBO (News 1st) : ඇවන්ට්ගාඩ් නඩුවේ දෙවැනි විත්තිකාර මේජර් නිශ්ශංක සේනාධිපති මහතා නොමැතිව නඩු විභාගය පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව අද කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේ ය.
ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා නිශ්ශංක සේනාධිපති මහතා මේ වනවිට සිංගප්පූරුවට ගොස් සිටී.
ඇවන්ට්ගාඩ් මැරිටයින් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබාගැනීම සහ එකී අල්ලස ලබා ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිස්සංක සේනාධිපති මහතාට සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ අද නඩුව කැඳවී ය.
මේ වන විට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පළමුවන විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතාව බන්ධනගාර නිලධාරීන් විසින් අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 17 වන දා යළි ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර නිලධාරීන්ට එහිදී නියෝග කළේ ය.