කසළ ලොරිවලට යළි ත් ගල් ප්‍රහාරයක්

ආරක්ෂාව මධ්‍යයේ අරුවක්කාලු ගිය කසළ ලොරි රථවලට යළි ත් ගල් ප්‍රහාරයක්

by Staff writer 30-08-2019 | 11:57 AM

COLOMBO (News 1st) - කොළඹ සිට අරුවක්කාලු දක්වා කසළ ප්‍රවාහනය කළ ලොරි රථවලට අද අලුයම වනාතවිල්ලුව ප්‍රදේශයේදී යළිත් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද අලුයම 1.00 ට පමණ මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් කසළ රැගෙන යන එක් ලොරියක ඉදිරිපසට හානි සිදු විය. අප වාර්තාකරු පැවසුවේ, ලොරි රථවලට ආරක්ෂාව සපයා තිබිය දී කිසියම් පිරිසක් මෙම ගල් ප්‍රහාරය එල්ල කර ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ. මීට පෙර ද අවස්ථා කිහිපයකදී ද කසළ රැගෙන යන ලොරි රථවලට ගල් ප්‍රහාර එල්ල විය.