Online මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක්

Online ක්‍රමයට පාර්ලිමේන්තුවට මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක්

by Staff writer 29-08-2019 | 9:31 AM
COLOMBO (News 1st) - ඔන්ලයින් ක්‍රමයට පාර්ලිමේන්තුවට මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර තිබේ. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, නව නීති සම්පාදනයේදී ද මහජනතාවට ඔන්ලයින් ක්‍රමවේදයකට සිය අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරියේදී අවස්ථාව හිමි වන බව ය.