වත්තලදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

වත්තලදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 29-08-2019 | 10:59 AM
COLOMBO (News 1st) - වත්තල බලගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ දෙදෙනෙකු අතර වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව ය. ඝාතනයට ලක්ව ඇත්තේ වත්තල පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. පළා ගිය සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මක ය.