ෆොන්සේකා ගැන පොහොට්ටුවේ නියෝජිතයින් කී කතා

ෆොන්සේකා ගැන පොහොට්ටුවේ නියෝජිතයින් කී කතා

by Staff writer 15-08-2019 | 9:12 PM
COLOMBO (News 1st) - ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් එම පෙරමුණේ නියෝජිතයෝ අද අදහස් පළ කළහ.
ශෙහාන් සේමසිංහ - පා.ම එක්සත් ජනතා නිදහස් සන්ධානය "අපිට ප්‍රශ්න ගොඩාක් තියෙනවා එතුමාගේ දේශපාලන මතය සම්බන්ධයෙන්. නමුත් එක කාරණාවකදී මේ ‍රටේ ජාතික ආරක්ෂාව කියන කාරණාවේදී ඒකාබද්ධ විපක්ෂයත්, මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, සරත් ‍ෆොන්සේකා මැතිතුමාත් එක මතයක ඉන්නවා. ඒ තමයි මේ රටේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛස්ථානය සේ සැලකිය යුතුයි." බන්දුල ගුණවර්ධන - පා.ම. එක්සත් ජනතා නිදහස් සන්ධානය "එක්සත් ජාතික පක්ෂය තුළත් අපි කැමති උනන් අකමැති වුණත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වාඩත්ම සුදුසු පුද්ගලයා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්මයානේ." මාධ්‍යවේදී "ඔබතුමාලාගේ පාර්ශවයෙන් ආරාධනාවක් ලැබුණා කියලා එතුමා ප්‍රකාශ කළා." බන්දුල ගුණවර්ධන - පා.ම. එක්සත් ජනතා නිදහස් සන්ධානය "අපි පොදුවේ සම්මේලනයේදීත් ඉතා පැහැදිලිව සඳහන් කළා පළිගැනීම වෙනුවට ඕනෑම විරුද්ධවාදියෙක් වුණත් ජාතික අරමුණු ඉෂ්ඨ කර ගැනීම සඳහා පිළිගැනීම සඳහා වන දේශපාලන ව්‍යාපාරයක් තමයි අපි කරන්නේ. පළිගැනීම වෙනුවට පිළිගැනීම." මාධ්‍යවේදී "ඒ කියන්නේ ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වුණොත් ආරක්ෂක ලෙකම් තනතුරු එතුමාට දීම ද?" බන්දුල ගුණවර්ධන - පා.ම. එක්සත් ජනතා නිදහස් සන්ධානය "නෑ එහෙම තීරණය වෙන්නේ නෑනේ." මාධ්‍යවේදී "ඉහළ තනතුරක් දෙන බවට ආරාධනා කරලා පරණ අමනාපකම් අත්ඇරලා අපි සමග එක්වෙන්න කියලා ආරාධනාවක් කළා ද?" බන්දුල ගුණවර්ධන - පා.ම. එක්සත් ජනතා නිදහස් සන්ධානය "දේශපානයේ සදාකාලික මිතුරෝ හෝ සදාකාලික සතුරෝ නෑනේ."
දේශපාලනඥයින්ට වරින් වර තමන්ගේ වාසියට මිතුරන් සතුරන් කර ගැනීමටත්, සතුරන් මිතුරන් කර ගැනීටමත් හැකි වුවද, රටේ අසරණ ජනතාව සදාකාලිකවම දුකට පත්ව සිටීම සත්‍යයකි. https://www.youtube.com/watch?v=VrbBNmQ6Oig