by Staff writer 15-08-2019 | 9:55 AM
COLOMBO (News 1st) - සීමාවාසික වෛද්‍ය පත්වීම් ලියාපදිංචිය හෙට සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවසුවේ, ඒ අනුව පත්වීම් 1500 කට අධික ප්‍රමාණයක් වෙනුවෙන් අයැදුම්පත් කැඳවීම සිදු කරන බවයි.
සීමාවාසික පත්වීම් කැඳවීම සහ ලියාපදිංචිය සිදු කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගිනි.
රජයේ වෛද්‍ය විද්‍යාලවල සහ විශ්වවිද්‍යාලවල අවසන් වසර විභාග නිමවීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් එවනු ලබන නිල ප්‍රතිඵල ලේඛන අමාත්‍යංශය වෙත ලැබී ඇත්තේ මීට දින කිහිපයකට පෙර බව ද ඔහු සඳහන් කළේ ය.
සියලු වෛද්‍ය පීඨවල ප්‍රතිඵල ලේඛන ලැබෙන තුරු පත්වීම් දීම සිදු නොකරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවසුවේ ය.