නීතිපතිගෙන් පොලිස්පතිට දැනුම් දීමක්

ලසන්ත ඝාතනය ඇතුළු සිද්ධීන් කිහිපයකට අදාළ විමර්ශන කඩිනම් කරන්නැයි පොලිස්පතිට දැනුම් දීමක්

by Staff writer 15-08-2019 | 5:18 PM
COLOMBO (News 1st) - සිද්ධීන් කිහිපයකට අදාළ විමර්ශන කඩිනම් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ, අදාළ විමර්ශන වාර්තා සම්පූර්ණ කර කඩිනමින් තමා වෙත යොමු කරන ලෙස ය. එලෙස විමර්ශන ප්‍රමාද වී ඇත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන යාම, තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, මුතූර්හි සහන කණ්ඩායමක 17 දෙනෙකු ඝාතනය කිරීමයි. නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ අසම්පූර්ණ උධෘත ඉදිරිපත් කළහොත් එය ආපසු හරවා යැවීමට පියවර ගන්නා බව ය.