දළදා පෙරහැර සාර්ථකව පැවත්වූ බවට ජනපතිට දැනුම් දෙයි

දළදා පෙරහැර සාර්ථකව පැවැත්වූ බවට ජනපතිට දැනුම් දෙයි

by Staff writer 15-08-2019 | 10:01 PM
COLOMBO (News 1st) - මහනුවර දළදා පෙරහැර අවසන් කළ බවට වූ සංදේශය අද පස්වරුවේ ජනාධිපතිතුමන් වෙත භාර කෙරිණි. ඒ, දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙනි. මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර අද පස්වරු 3.12ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ කෙරු‍ණේ අස්ගිරිය ගෙඩිගේ විහාරයෙනි. අනතුරුව දළදා මාළිගාවේ පෙරහැර දළදා මාළිගාවටත් අනෙකුත් දේවාල පෙරහැර ඒ ඒ දේවාලවලටත් ගෙවදීමෙන් පසු පෙරහැර මංගල්‍යය අවසන් කෙරිණි. පසුව දළදා පෙරහැර මෙවර නිසි ලෙස පැවැත්වූ බවට වූ සංදේශය ජනාධිපතිතුමන් වෙත භාර දෙනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි. මේ අවස්ථාවට සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරුන් සහ පිටිසර දේවාලවල බස්නායක නිලමේවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. අදාල සංදේශය භාර ගැනීමෙන් පසුව ජනාධිපතිතුමන් විසින් පෙරහැරේ දක්ෂතා දැක්වූ කලාකරුවන් වෙත සහතික හා තෑගි ප්‍රදානයක් ද සිදු කළේ ය.