රුමේෂ්ගේ කර පිටට පැවරණු ශ්‍රී ලංකා පිලේ වගකීම

නවසීලන්ත තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුර රුමේෂ් රත්නායකට

by Staff writer 07-08-2019 | 6:34 PM
COLOMBO (News 1st): නවසීලන්ත කණ්ඩායමට එරෙහි ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ, එම තරගාවලියෙන් අනතුරුව කණ්ඩායමේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරු පත් කරන බව ය.