රුසියානු අවි ගබඩාවක දැවැන්ත පිපිරීමක්

රුසියානු අවි ගබඩාවක දැවැන්ත පිපිරීමක්

by Staff writer 06-08-2019 | 12:43 PM
COLOMBO (News 1st) : සයිබීරියාවේ හමුදා කඳවුරක් තුළ පිහිටි රුසියානු අවි ගබඩාවක දැවැන්ත පිපිරීමක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අවි ගබඩාව පිහිටි හමුදා කඳවුර අවට ගම්මානවල පුද්ගලයින් 3,000 ක් මේ වන විට ඉවත් කර ඇති බවයි. හදිසි අවස්ථාවකදී ඉවත් කිරීම සඳහා තවත් පුද්ගලයින් 11,000 ක් පමණ සූදානම් කර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් ය. සයිබීරියාවේ අචින්ක්ස් නගරයට ආසන්නව පිහිටි මෙම හමුදා කඳවුර තුළ පිහිටි අවි ගබඩාවේ පිපිරීම් හේතුවෙන් විශාල ගිනි ජාලා සමග අධික දුමක් ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් එම ප්‍රදේශයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි. අවි ගබඩාවේ පිපිරීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.