මන්ත්‍රීවරුන්ට ලක්ෂ 2 ක දීමනාවක් ලබාදීමට කළ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි

by Staff writer 06-08-2019 | 8:41 PM

COLOMBO (News 1st) - සුපිළිපන් ශ්‍රී ලංකාවකට මැතිවරණ අපේක්ෂකයින් සඳහා ආගමික නායකයින්ගෙන් නිර්දේශාවලියක් ඉදිරිපත් කිරීම අද පස්වරුවේ සිදු කර තිබේ.

ඒ, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මූලිකත්වයෙනි. කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති මෙම උත්සවයට ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින් එක් ව සිටියහ. ඊට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය. මෙහිදී දේශපාලන නායකයින්ට පිළිගැන් වූ යෝජනාවලිය තුළ ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පනත් සංශෝධනය, මැතිවරණවලට ඉදිරිපත් කරන අපේක්ෂකයින්ගේ සුදුසුකම් සලකා බැලීම හා මැතිවරණ සඳහා මුදල් යෙදවීම පාලනය හා නියාමනය කිරීමේ නීති හඳුන්වා දීම ආදිය ප්‍රමුඛ යෝජනායි. මෙම යෝජනාවලියට සර්ව ආගමික නායකයින් අත්සන් කර තිබීම විශේෂත්වයකි.