සහරාන් ​සමග අවි පුහුණුව ලැබූ තවත් අයෙක් අත්අඩංගුවට

සහරාන් සමග අවි පුහුණුව ලැබූ JMI අනුරාධපුර නායකයා ත් අත්අඩංගුවට

by Staff writer 04-08-2019 | 5:54 PM
COLOMBO (News 1st) : තහනම් ත්‍රස්ත සංවිධානයක් වන JMI සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මොහොමඩ් ස්මයිල් මොහොම්මද් සල්මාන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත අම්පාර පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බවයි. ඔහු කහටගස්දිගිලිය සම්පත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු මොහොමඩ් සහරාන් සමග නුවරඑළිය ප්‍රදේශයේ අවි පුහුණුව ලබා ඇති අයෙකු බව ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.