ඉන්ධන ජාවාරම් කරන නැවක් ඉරාන නාවික හමුදා භාරයට

ඉන්ධන ජාවාරම් කරන නැවක් ඉරාන නාවික හමුදා භාරයට

by Staff writer 04-08-2019 | 5:15 PM
COLOMBO (News 1st) : අරාබි රටවලට ඉන්ධන ජාවාරම් කරන තවත් නෞකාවක් ඉරාන නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ, ගල්ෆ් මුහුදේ ෆර්සි දූපත ආසන්නයේදීයි. එම නෞකාවේ විදේශීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයින් 7 දෙනෙකු වේ. එහි පවතින ඉන්ධන ප්‍රමාණ ලීටර් 7 ලක්ෂයකි. පසුගිය 19 වන දා ද ඉරානය, ගල්ෆ් මුහුදේදී ස්ටෙනා ඉම්පෙරෝස් නමැති බ්‍රිතාන්‍ය ධජය සහිත ඉන්ධන නෞකාවක් සිය ග්‍රහණයට ගත්තේ ය.