by Staff writer 04-08-2019 | 11:06 AM
COLOMBO (News 1st) - කඩුවෙල මංසන්ධිය හා කඩුවෙල වෙළේ මංසන්ධියෙන් රථ වාහන ධාවනය අද පෙරවරු 11.00 සිට සීමා කරන බව පොලීසිය පවසයි.
ඒ නවගමුව, කඩුවෙල පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය හේතුවෙනි.
අද පෙරවරු 11.00 සිට අද පස්වරු 1.30 දක්වා කාලය තුළ එලෙස රථ වාහන ධාවනය සීමා කරනු ඇති.
එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ට හා මහජනතාවට දැනුම් දෙයි.