by Staff writer 02-08-2019 | 5:19 PM
COLOMBO (News 1st) - ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ පාවෙමින් තිබු බීඩි කොළ තොගයක් ධීවරයින් පිරිසක් අද සොයා ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් එම තොගය ශ්‍රී ලංකා නාවික නෞකා - වසභ - ආයතනයට ලබාදුන් බවයි.
බීඩි කොළ තොගයේ බර කිලෝග්‍රෑම් 36 කි.
පසුගිය 31 වැනි දා ද කච්චතිව් දූපත ආශ්‍රිත උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුම්වලදී බීඩි කොළ කිලෝග්‍රෑම් 50 ක් සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය.