දෙවැනි පාසල් වාරය අදින් අවසන්

දෙවැනි පාසල් වාරය අදින් අවසන්...

by Staff writer 01-08-2019 | 6:55 AM

COLOMBO (News 1st) - රජයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, තෙවැනි පාසල් වාරය සැප්තැම්බර් මස 02 වැනි දා ආරම්භවීමට නියමිත බවයි. මේ අතර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 04 වැනි දා පැවැත්වෙන අතර ලබන 05 වැනි දා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වේ. ඒ සඳහා යොදා ගන්නා විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ය.