ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටේ

කඩුවෙල , මහරගම ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටේ

by Staff writer 28-07-2019 | 6:41 AM

COLOMBO (News 1st) - කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද අලුයම සිට පස්වරු 3.00 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, කෝට්ටේ ජුබිලි ජල තටාකයට ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳ වැටීමක් ඊට හේතු වී ඇති බවයි. මේ හේතුවෙන් මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශයටත්, කොළඹ 5, 7 සහ 8 යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවා තිබේ. ඊට අමතරව කොළඹ 3, 4 සහ 6 යන ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.