ගම්මැද්ද ගෙයින් ගෙට - 6වන දිනය

ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් මාතර, රත්නපුර සහ ත්‍රීකුණාමලයට

by Staff writer 23-07-2019 | 8:45 AM
COLOMBO (News 1st): මහජන ගැටලුවලට සංවේදී සැබෑ බලකායක අවශ්‍යතාව සපුරමින් ඇරඹුණු ගම්මැද්ද ගෙයින් ගෙට ගමන් කරන සිව්වැනි ක්‍රියාන්විතයේ 6 වැනි දිනය අදයි. අද අපගේ කණ්ඩායම් මාතර, රත්නපුර සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ජනතා ගැටලු සොයා බැලීමට නියමිත ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ද ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන සමග එක් ව සිටී.