ළමා නිවාසවල දරුවන්ටත් ජාතික පාසල්

ළමා නිවාසවල සිටින දරුවන්ට ජාතික පාසල්වලට ඇතුළත්වීමේ අවස්ථාවක්

by Staff writer 22-07-2019 | 5:57 PM

COLOMBO (News 1st) - රජයේ ලියාපදිංචි සියලුම ළමා නිවාසවල මව්පියන් අහිමි දරුවන්ට ජාතික පාසල්වලට ඇතුළත්වීමේ අවස්ථාව ලබා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය අද නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, අධ්‍යාපන අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන් බවයි. ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක විසින් ළමා නිවාසයක දරුවන් කිහිපදෙනෙකු එම ජාතික පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, පාසලේත් අදාළ විදුහල්පතිනියගේත් කීර්ති නාමයට හානි වන බව පවසමින් එම තීරණය ගෙන ඇති බවයි. මේ පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසුව අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.