by Staff writer 10-07-2019 | 9:39 PM
COLOMBO (News 1st) - ලංකා වාණිජ මණ්ඩලය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත යළිත් ලිපියක් යොමු කර තිබේ.
එහි දැක්වෙන්නේ, අමෙරිකාව සමග අත්සන් කිරීමට යොජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් තමා කළ විමසීමට පිළිතුරු ලබා දීම පිළිබඳව සතුටු වන බව ය.
ලංකා වාණිජ මණ්ඩලය අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත යොමු කරන ලිපියෙන් පෙන්වා දෙන්නේ, අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය ප්‍රකාශ කිරීම ගැන තමන් සතුටු වන බව ය.
එය අදාළ වැඩපිළිවෙළේ විනිවිද භාවය තහවුරු කරන්නක් බව ද එහි සඳහන් ය.
වාණිජ මණ්ඩලය පෙන්වා දෙන්නේ, අදාළ ව්‍යපෘතිය වෙනුවෙන් කොළඹ පිහිටුවා ඇති කාර්යාලයෙන් ඔවුන් ක්‍රියාත්මක කරන ව්‍යපෘති පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ද තමන් කටයුතු කර ඇති බව ය.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් වැරදි තොරතුරු සමාජ ගත වීම වැළැක්වීම සඳහා තමන් ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීමට කටයුතු කළ බව එම ලිපියේ සඳහන් ය.
ලංකා වාණිජ මණ්ඩලය මෙවැනි ජාතික ප්‍රශ්නවලදී කිසිදු පැත්තක් නොගෙන නිවැරදි ලෙස කටයුතු කරන බව ද මෙහි දැක්වේ.
මීට පෙර තමන් වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු ලිපිය මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කළ ද මෙම ලිපිය මාධ්‍ය වෙත යොමු නොකරන බව ද මෙහි සඳහන් ය.
කෙසේ වෙතත් මෙම ලිපිය අද අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපති සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක හා සංවර්ධන සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබිණි.
මෙය අප්‍රසන්න දේශපාලනය විදහා දැක්වීමක් නොවන්නේ ද?