by Staff writer 10-07-2019 | 3:50 PM
COLOMBO (News 1st) - යුරෝපා සංගමයේ ප්රති ත්රස්ත කටයුතු සම්බන්ධීකාරක ජීල් ද කෙයෂොව් මහතා ශ්රී ලංකාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බව යුරෝපා සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් කළේ, ජීල් ද කෙයෂොව් මහතා හෙට සිට ලබන 16 වන දා දක්වා මෙම සංචාරයේ නිරත වනු ඇති බව ය.
එම කාල සීමාව තුළ ඔහු මාලදිවයිනේ ද සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.
ආරක්ෂාව තර කිරීමේ උත්සහයන්ට සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට සුදුසු පසුබිමක් නිර්මාණය කර ගැනීමේ උත්සහයන්ට අත්වැලක් වීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ ය.
සංචාරය තුළදී ජීල් ද කෙයෂොව් මහතා ආණ්ඩු සහ විපක්ෂ නියෝජිතයින් මෙන්ම ආරක්ෂක අංශවල ප්රධාන පෙළේ නියෝජිතයින්, සිවිල් සමාජ නියෝජිතයින් හමුවීමට නියමිත බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.