by Staff writer 10-07-2019 | 4:53 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකට නියෝග කළේ ය.
ඒ, කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහීම් ඉම්රාන්, ඔහුගේ බිරිඳගේ සහ ඔහු සමග ඇසුරු කළේ යැයි කියන සැකකරුවන් කිහිප දෙනෙකුට අයත් බැංකු ගිණුම් පිළිබඳ විස්තර ය.
එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබන අගෝස්තු 21 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.