by Staff writer 09-07-2019 | 4:29 PM
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන මස 8 වන දා ප්‍රකාශයට පත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද ප්‍රකාශ කළේ ය.
එම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබී ය.
ලිට්ට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා 24ක් යටතේ සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබේ.